Variables in C Language / සිංහල

2022-11-12

මේ ලිපියෙන් කතා කරන්නෙ variables ගැන ,

සරලව , අපි programme එකක් ලියද්දි variables යොදා ගන්නේ Computer memory එකේ අපිට අවශ්‍ය data store ගැනීමට. පරිගනකෙයේ memory එක කිව්වම ඇවිල්ල විවිද type එකේ memory devices තියෙනවා , ඔයාල දන්නවා HARDDISK එක , RAM එක ඊළඟට ප්‍රමාණයෙන් පොඩි හැබැයි speed memory කොටසක් වන memory registers . හැබැයි variable එකක් create කර ගැනීමෙන් computer එකේ main memory එක ,එහෙමත් නැත්නම් ram එකේ අපිට අවශ්‍ය data ස්ටෝරේ කර ගැනීමක් තමයි වෙන්නේ .

අපි c වල variable එකක් create කරලා වැඩ පටන් ගන්න කලින් , C ගැන පොඩී දෙයක් දැනන් ඕන , එක ඔයාට js python ruby ,php වගේ background එකකින් ආව නම් වැදගත් වෙනවා , අපි එක මෙහෙම කියමු , පරිගණක බාෂා නිර්මාණය කරල තියෙන විදිය හා හැකියාවන් අනුව කොටස් වලට තියෙනවා , උදාහරණයක් විදියට ගත්තොත් low level , high level functional languages සහා procedural language කියන එක . අන්න ඒ වගේම තව දෙයක් තමයි static type සහ dynamic type කියන්නෙත් .

ඉතින් මෙතැනදී static type language waladi අපිට variable එකක් create කරද්දී memory එකේ කොච්චර ඉඩක් ගන්න ඕනද කියන එක ටිකක් සවිස්තරව කියන්න වෙනවා. ඒ වෙලාවට අපි දන්න pre-define data types list එකක් තියෙනවා නේ , අන්න ඒ ටික යොදා ගෙන variables create කර ගන්නවා .