Google CrowdSource / සිංහල

2020-08-20

ants

" Google ඉගෙන ගන්නෙත් අපෙන් .. ! "

Crowdsource සංකල්පයත් සමග ලෝකයේ වඩාත් ප්‍රචලිත Crowd-sourcing platform එකක් වන Google Crowdsource ගැන සරල සටහනක් මේ .. .ආරම්බයක් වශයෙන් ගත්කල ,2016 වසරේ අගෝස්තු මස Web & Mobile Application එකක් වශයෙන් දියත් කල මෙම Google Crowd source Application එක හරහා Googleලගේ විවිද සේවාවන්ට අදාළ A.I Algorithms train කිරීම සිදුවෙනවා . ඉදිරියෙ පැවැත්වීමට නියමිත Google CrowdSorce event එකේදී මේ සම්බන්ද තවත් වැදගත් දේවල් දැන ගැනීමේ හැකියාව පවතින අතර මේ සම්බන්ද කුතුහලයක් තියෙන ඔබට ,Google play Store හරහා Download කර ගැනීමේ හැකියාව පවතිනවා .(ඒ වගේමයි website එක හරහා ද contribute කිරීමේ හැකියාව පවතිනවා -> https://crowdsource.google.com/)

කලින් කිව්වා මේන් , play store එක හරහා Download කර ගැනීමෙන් හෝ Web Site එක භාවිතයෙන් හෝ මේ සදහා contribute කිරීමේ හැකියාව පවතින අතර , contribute කිරීමේදී පියවර කිහිපහයක් ඇත .කලින් කිව්වා මේන්, අපි මෙහෙදී සිදු කරන්නේ Googleලගේ සේවා නම්‍යශීලීව ක්‍රියාත්මක වීම සදහා බාවිතා වන AI algorithms train කරන එක . මොකක්ද මේ AI එකක් කියන්නේ ? මොකක්ද AI අල්ගොරිතම් එකක් සහ AI අල්ගොරිතම් එකක් train කරනවා කියන්නේ මොකක්ද ?.. crowd-source mobile හෝ web application එක බාවිතා කර contribute කරන්න කලින් මේ පිළිබද සරල අදහසක් තිබීම මම හිතනවා හොදයි කියල , ඒ දේත් එක්ක contribution එක කරගෙන යෑම ඉතාමත් වටිනවා ,AI ගැන සරලව කතා කලොත් අනිත් technologies වගේම AI වලත් එදාට වඩා ලොකු වෙනස් වීමක් එක්ක , වෙනස් වේවි යන ගමනක් තමයි තියෙන්නේ , එදා ai programmes එක දෙයක් , එක ක්‍රියාවක් සදහා පමණක් විශේෂකර නිර්මාණය කර තිබු අතර , එම ක්‍රියාව වීමේ සියලුම සම්බාවිතාවන් ගෙන එයින් තර්කානු කුලව වඩාත්ම හරි දේ ගන්න එක තමයි ඒ කාලේ AI Programmes වලට තිබුනේ ,නිශ්චිත මෙන්ම නිවැරදි සම්බාවිතාවන් එක්ක , මේ data සෙට් එක processකරන්න පුළුවන් හොද processing power එකක් තිබුන තැන අපේ මොලේට වැඩිය ඉක්මනට තර්කානු කුළ තීරණයක් ගන්න පුළුවන් කම තිබ්බ ,එත් කාලයත් එක්ක මේ කතාව වෙනස් වෙනවා ඒ Machine Learning , Deep learning Concepts එක්ක Artificial intelligent Neural Network සංකල්පේ පැමිණීමත් සමග යි .මෙහි විශේෂත්වය වන්නේ මේ Artificial intelligent neural network ඒකට හැකියාව තියෙනවා තමන්ට ලැබෙන data වලින් අද්දැකීම් ලබා ගන්න හරියට මිනිස්සු වගේ ..අපි ඉපදුන දවසේ ඉදල අපිට අපේ පරිසරයෙන් ඉන්ද්‍රියන් හරහා ලැබුණු දැනුමෙන් අපි ඉගෙන ගත්තා වගේ තමි , Artificial intelligent Neural Networks , Machine Learning — Deep learning techniques ඔස්සේ ඉගෙන ගන්නේ , කලින් කිව්වා වගේ එයාල train වෙන්නේ ලැබෙන data අනුව , data ගැන කතා කලොත් , එක දෙයකට අදාළ එකිනෙකට වෙනස් data සෙට්ස් එහෙමත් නැත්නම් මේකෙදි කතා වෙන data models එයාලට ලබා දෙන්න ඕන , එතකොට තමයි train වෙන්නේ එහෙමත් නැත්නම් අර කිව්වා වගේ අද්දැකීම් ලබා ගන්නේ .

ඉතින් Google crowdSource මගින්සිද්දකරන්නේද Google සමාගෙම machine Learning algorithms train කිරීම , විශේෂත්වය වන්නේ අපිටත් මෙහි කොටස්කරුවන් වීමේ හැකියාවයි , Google හි searching algorithms , language translation algorithms මෙන්ම Google map ඒකට අදාල algorithms train කිරීම සදහා අපිටද contribute කිරීමේ හැකියාව ලැබෙන අතර mobile Application හෝ web site එක බාවිතයෙන් ඔබට කුතුහලයක් ආශාවක් ඇත්නම් දැන්ම උනත් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා.. Play Store එකෙන් download කරගැනීමෙන් හෝ crowd source websiteඑකෙන් contribute කිරීමේ හැකියාව පවතිනවා.

ඉහත චායාරූප දෙකෙන් පෙන්වා ඇති පරිදි අපිට contribute කරන්න පුළුවන් categories කිහිපයක් තියෙන අතර් translation and translation validation, Landmark identification, and Handwriting recognition යන ඒවාට contribute කිරීම අපට රටක් වශයෙන් මහත් පිටුවහලක්වනවා , මොකද අපි දන්නවා අපේ මව් භාශාව එහෙමත් නැත්තම් සිංහල කතා කරන එකම රට අපි වන අතර අන්තර්ජාලයේ ඇතිවිවිද contents සිංහල බාශාවට පරිවර්තනය කිරීමේදී ඇතිවන දුර්වලතා මගහරවා ගැනීමේ හැකියාව පවතිනවා . එමෙන්ම ලංකාවේ ස්ථාන නාම බොහොමයක් සිංහල නාම වලින්ම බලාගැනීමේ හැකියාව වඩාත්දියණු කිරීමේ හැකියාව පවතිනවා .

ජයවේවා !!🤍